අසාත්මිකතා සහ දරුණු අසාත්මිකතා (Cold-induced Anaphylaxis) අත්දැකීමක්

මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.

අනෙක් allergy සහ අසාත්මිකතා ලිපිය හා සම්බන්දයි. එම ලිපිය මේ දිගුවෙන් ලබාගන්න

boy with towel shivering after bath

අසාත්මිකතාව හෝ allergy යන වචනය සැවොම දන්නා මුත්, Anaphylaxis යන වචනය බහුලව භාවිත නොවේ. මෙයට යෙදෙන සිංහල වචනය මම නොදනිමි. දරුණු අසාත්මිකතාව යනුවෙන් මම සඳහන් කලේ එයයි.

මෙම මාතෘකාව ගැන යම් දැනුවත් වීමක් සිංහලෙන් කල යුතු යයි හැඟුනේ පසුගිය දිනක අප (85/86 වෛද්‍ය කණ්ඩායම) ලැබු දරුණු අත්දැකීමක් නිසාය.

කතාව සැකෙවින්:

පේරාදෙණිය වෛද්‍ය පීටයේ 85/86 කණ්ඩායමේ වාර්ෂික හමුවක් රම්බොඩගිරි දුර්ගය‘ (මෙම වචනය මම භාවිත කලේ මෙම සිද්ධියත් සමග එය හොඳින් ගැලෙපෙන නිසාය) අසල හෝටලයක පවත්වන ලදී. මෙම හෝටලය ප්‍රධාන මාර්ගයෙන් පහලට (තීව්ර අගාධයක) පිහිට ඇත. මීටර 150ක් පමණ මෙම හෝටලයේ බැස්ම ඇති අතර තවත් මීටර 150ක් පමණ බැස්ස කල ඉතාමත් සුන්දර ජාල පහරක් හමුවේ. මෙයට බැසීමට ඇති බෑවුම ඉතා පටු අඩි පාරකි. වතුර ice මෙන් සීතලය.

දැන් මෙම කතාවේ භයානක කොටසයි. අමාරුවෙන් පහලට බැස ගිය ස්තුලදේහ ධාරී, මැදිවිය (50’s) පසුකල වෛද්‍ය කණ්ඩායම සමග වයස 14 දරුවෙක්ද සිටී.  විහිලු කතා සහ අතීත කතා සමග දිය නාමින් සිටින අතර මෙම දරුවා සීතල දියට බසී. සමගම ඔහු රතු පහ ගැන්වී, ගොඩට ඇවිද යයි. ඔහුගේ අමුත්තක් ඇති නිසා අප කීප දෙනෙක් ඔහු ලඟට යනවිට ඔහු වෛද්‍ය විද්‍යාවේ ඇති anaphylaxis රෝග ලක්ෂණ සියල්ල පෙන්නුම් කරන බව පෙනෙයි.

1. ඇඟ  කැසීම සහ රතු පැහැති සම.

2. කැස්ස

3. තප්පර කිහිපයක් තුල ඔහු අප්ප්රානික වීම සහ අත් සහ පා නිල්  පැහැ වීම.

(මෙය ඔහුගේ ස්වසන මාර්ගය, හුස්ම ගැනීම සහ රුදිර ගමනාගමනය නිසිපරිදි සිදු නොවීමේ මුලික ලක්ශනි: ABC)

මෙහිදී ඇතිවූ දුෂ්කරතා සහ ගන්න ලද පියවර

UNADJUSTEDNONRAW_thumb_18b18

1. රෝගියා රෝගී වූ ස්ථානයට ළඟාවීමට තිබු දුෂ්කරතා

  • ඉතාමත් පටු අඩිපාරක රෝගියා ඔසවාගෙන යාමට නොහැකි වීම
  • ඔසවාගෙන යාමට කිසිම ආධාරකයක් නොතිබීම
  • තනිව ඔසවාගෙන යාමට (40kg) යාමට තරම් ” fit ” අයෙකු නොසිටීම

2. මෙවැනි අවස්තාවක ඉතා ඉක්මනින් දිය යුතු Adrenaline හෝ EpiPen නොමැති වීම

  • සෑම anaphylaxis තත්වය ඇති රෝගියෙක්ම පහත සඳහන් EpiPEN Autoinjector (මෙය   වෙළඳ නාමයකි: මෙයින් මෙම වෙළඳ නාමය ප්‍රසිද්ධ කිරීමේ කිසිම අදහසක් නැත. මා දන්නා තරමින් දැන් වෙළඳ පොලේ ඇත්තේ මෙම නාමය පමණි) ළඟ තබා ගත යුතුය.
  • how-to-use-epipen
  • ලගම රෝහල 5km දුරින් පිහිටියත් රෝගියා මාර්ගයට ගැනීමට දැඩි වෙහෙසක් ගැනීම

3. වාසනාවකට රෝගියා ගේ ස්වසනය ස්ථාවරව පැවතීම: රුධිර සංසරණය ඉතා ඉක්මනින් අවධානම් තත්වයකට පත්වෙන බව පෙන්නුම් කිරීම (Cyanosis, සීතලඅත්පා) නමුත් රෝගියාගේ සිහිය නොමැති බව. අසන ප්‍රශ්න වලට පිළිතුරු හෝ ප්‍රතිචාර නොදීම

4. කොත්මලේ රෝහල.

  • හෝටලයේ කාරුණික උදව්වෙන් හැකි ඉක්මනින් කොත්මලේ රෝහලට ලගා වීම.
  • ඉතාමත් කාරුණික සේවක පිරිසක් කොත්මලේ රෝහලේ සිටීම
  • Adrenaline injection කිහිප වරක් ලබා දීම
  • රුධිර oxygen මට්ටම පහත වැටීම (80%)
  • පෙනහළු තුල ඇදුම රෝග තත්වය පෙන්වීම (wheezing)
  • සේලයින් IV Cannula මගින් ලබාදීම
  • රුධිර පීඩනය සහ නාඩි වැටීම සාමාන්‍ය තත්වයට නොපැමිණීම
  • Oxygen ඉවත් කල විට රුධිර oxygen මට්ටම පහත වැටීම
  • රෝගියා පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කිරීම
  • පසුව රෝගියා සුව වී ගෙදර ගිය බව දැනගැනීම.
  • මෙහිදී පේරාදෙණිය රෝහලේ නිර්වින්දන විශේෂඥය වෛද්‍යවරියක් සිටීම දරුවාගේ වාසනාවකි.

උගත හැකි පාඩම්:

1. මෙය අධික සීතල නිසා ඇතිවන anaphylaxis තාවයක් විය හැක; එමෙන්ම වෙනත් ද්‍රව්‍යකට ඇතිවූ අසාත්මිකතාවක් /anaphylaxis දැයි නිශ්චිතව කිව නොහැක

2. මහජනතාව වැඩියෙන් ගැවසෙන යන එන තැන්වලට නිසි පරිදි ළඟාවීමට පහසුකම් ඇතිකිරීම

3. මෙවන් අවස්තාවකදී මුලික ප්‍රථමාධාර කට්ටලයක් රැගෙන යාම (විශේෂයෙන් වනගත පෙදෙස් වල ඇවිදීමේදී) Adrenaline ඇතුළු අනෙක් ද්‍රව්‍ය

4. සැවොම basic CPR පුහුණුව ලබාගැනීම (වෛද්‍ය සහ වෛද්‍ය නොවන) මෙම පුහුණුව ලබා තිබීම ලංකාවේ සිදුවන අනෙකුත් අනතුරු වලදීද ඉතාමත් උපකාරී වනු ඇත. මා දන්නා පරිදි St John of God මෙම පුහුණු සැසි පවත්වයි.

5. මෙවන් රෝගී තත්වයක් සමග රෝහලට හෝ වෛද්‍ය සායනයට පැමිණෙන යට නිසි උපදෙස් ලබාදීම

මේ පිලිබඳ ඉංග්‍රීසි බසින් සියලු තොරතුරු පහත දිගුවලින් ලබාගත හැක 

RCH Melbourne දෙමව්පියන්ට උපදෙස්

https://www.allergy.org.au/

6. ශීතල නිසා ඇතිවන anaphylaxis අවස්තාවලදී ශීතල IV Fluids ලබාදීම තත්වය තවත් උත්සන්න කෙරේ. මා මෙය දැනසිටියේ නැත. කොත්මලේ ශීත දේශගුණයක් ඇති නිසා අප ලබා දුන් saline නිසා තත්වය සුව වීමට වැඩි කලක් ගත්තාද නොදනිමි. ඉදිරියේදී උණුසුම් කරන ලද saline ලබා දීම (විශේෂයෙන් ශීත පෙදෙස් වලදී) වඩා උචිත වේ.

(එම අවස්ථාවේ උණුසුම් saline පිළියෙළ කිරීමට වඩා ලබාගත හැකිව තිබු saline දීම වඩාත් උචිත  විය)

එමෙන්ම අධික ශීත කල බීම මගින්ද මෙම anaphylaxis කිර්යාවලිය ඇතිවිය හැක.

7. ප්‍රතිකාර ලෙස හදිසි අවස්තාවකදී adrenaline දීමත්, වැලැක්වීම සඳහා Loratadine වැනි නිදිමත අතිනොකරන antihistamine ද, Monteleucast නමැති අව්ෂධයද, යම් දුරකට මෙය පාලනය කරයි. අනෙකුත් ප්‍රතිකාර ක්‍රම වෛද්‍යවරයකු සමග සාකච්චා කලයුතුය.

වඩාත් සුදුසුම දෙය නම් සීතල පරිසරයකට හෝ සීතල ජලාශ/පිහිනීම හෝ සීතල බීම වර්ග වලින් වැළකී සිටීමයි.

මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.

%d bloggers like this:
search previous next tag category expand menu location phone mail time cart zoom edit close