අධික වෙහෙස නිසා ඇතිවන මරණය

පසුගිය දිනක දුටු ඉතාමත් කනගාටුදායක පුවතක් නිසා මෙය ලිවීමට සිත්වුනි. ත්‍රිත්ව විද්‍යාලයේ දරුවකු එම විද්‍යාලයේ සිට ක්‍රීඩා පුහුණුව සඳහා දිවීමෙදී මියයාම අතිශය අවාසනාවන්ත් සිදුවීමකි. මීට පෙරද මෙවන් වාර්තා පලවී තිබු බව මට මතකය.

හඳුනානොගත් හදවත් රෝග නිසා මියයාම.
පසුගිය වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ වලින් පෙන්වා දී ඇත්තේ, මරතොන් ධාවනය වැනි අතිශය වෙහෙසකාරී ක්‍රියාවකදී හදවත අක්‍රීය වීම කලින් සිට පැවතුනු හදවත් රෝගී තත්වයක් නිසා සිදුවන බවයි. බොහෝ විට වැඩිහිටියන්ගේ කිරීටක ධමනි වල ඇති වන අවහිරතා (coronary atherosclerosis ) මෙයට හේතුවන බවයි. වැඩිහිටියන්ගේ මෙය සුලබ වුවත් ළමා සහ තරුණ අවදියේ මෙය එතරම් සුලබ නැත. එමෙන්ම හදුනා නොගත් හදවතේ ඇතිවන cardiomyopathy නමැති තත්වයද බලබා හැකි බවයි. විශේෂයෙන් තම පවුලේ හදිසි මරණ සිදුවී ඇත්නම් මෙම cardiomyopathy නම් හඳුනා නොගත් රෝගතත්වය තිබු බවට අනනුමාන කලහැක. එමෙන්ම මෙම ධවනයන්හිදී ඉලක්කයට ආසන්න වීමත් සමග මියයාමේ වැඩි ප්‍රවනතාවයක් ඇති බව සොයාගෙන ඇත.

අධික උෂ්ණත්වය නිසා මිය යාම (Heatstroke)
ව්ශේෂ කරුණක් වන්නේ ප්‍රථම මරතොන් ධාවනය සිදුකල Pheidippides (490 BC) නම් පුද්ගලයාද සැතපුම් 26ක් ධාවනය කිරීමෙන් පසු ඔහුගේ “ජයග්‍රහණයේ පණිවිඩය” ලබාදීමත් සමගම මැරී වැටීමයි. මෙයට හේතුව නොදන්නා නමුත් අධික පාරිසරික උෂ්ණත්වය මේ සඳහා හේතුවක් වූ බව සැක කරේ.

Exercise-induced Anaphylaxis (AIAn) සහ Food-dependent exercise-induced anaphylaxis (FD AIAn):
මේ පිළිබඳව නවතම විස්තර Up-To-Date වෙබ් අඩවියේ සඳහන් වේ.

අධික වෙහෙසේදී anaphylaxis තත්වයක් ඇති වී මියයාම AIAn ලෙස අර්ථදක්වා ඇත. අහාර අසාත්මිකතාවක් ඇති පුද්ගලයෙක් එම අසාත්මිකතා සහිත ආහාර ගෙන පැය කිහිපයක් තුල අධික වෙහෙසට පත්වුවහොත් anaphylaxis තත්වය ඇතිවීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති බව පැවසේ.

මේ පිලිබඳ වෛද්‍ය පර්යේෂණ ඉතා සීමිත බැවින් පහත සඳහන් පිළිවෙත් අනුගමනය කිරීම මෙම අවාසනාවන්ත තත්වය මගහරවා ගැනීමට උපකාර වනු ඇත.

1. අහාර අසාත්මිකතා පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීම. එම අසාත්මිකතා ඇති ආහාර, වෙහෙසීමට පැය කිහිපයකට පෙර නොගැනීම. එම අහාර ලබාගෙන ඇත්නම් අධික වෙහෙස එවන ක්‍රියා කල්දැමීම.
2. මෙම anaphylaxis තත්වය ඇතිවීමට බලපාන අනෙකුත් සාධක මගහැරීම. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නමුත් පහත සඳහන් දේ පිලිබඳ වැඩි අවදානයක් දීම.
– වේදනා නාශක භාවිතය (NSAIDS, Ibuprofen වැනි)
– මත්‍ පැන් භාවිතය
– අධික උෂ්ණත්වය හෝ අධික ශීතල
– අනෙකුත් අසාදන තත්වයන්

3. වඩාත් වැදගත් දෙය වන්නේ දිවීමෙදී හෝ වෙහෙසකර කටයුත්තකදී තමන්ට යම් අපහසුතාවයක් ඇත්නම් වහාම එම ක්‍රියාව නතර කිරීම සහ උපදෙස් ලබාගැනීමයි. පැහැදිලි කරුණක් වන්නේ තම ඉලක්කයට ලඟා වීමත් සමග කෙතරම් අපහසු වුවත් ඉලක්කය පසුකිරීමට ඇති දැඩි අධිශ්ටානය නිසා නොනවත්වා තරඟ කිරීම. (ඉලක්කය ආසන්නයේදී වැඩිපුර මියයාමට මෙය හේතු විය හැක)

4. සැවොම CPR පුහුණුව ලබාගැනීමේ වැදගත්කම නැවතත් පෙන්වා දෙමි.

ත්‍රිත්ව විදුහලේ දරුවගේ අවාසනාවන්ත මරණය ගැන දැඩි ලෙස ශෝකය පලකරන අතර මෙම ලිපිය ඔහු වෙනුවෙන් නැවත මෙවන් එක දෙයක් හෝ වලකා ගැනීමට උදව් වේවා යයි පතමි.

අසාත්මිකතා සහ anaphylaxis ලිපිවලින් වැඩි විස්තර ලබාගන්න මෙම දිගුව වෙත යන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this:
search previous next tag category expand menu location phone mail time cart zoom edit close