මෙම වෙබ් අඩවිය තවම මුල් අවදියේ පවතී. සෑම සති 2ට වරක්ම නව මාතෘකාවක් යටතේ ලිපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

happy-family-kids-drawing-illustration-children-sketch-54955077

 

 

ආයුබෝවන්!

වෙබ් පිටුව භාවිතාකරන්නන්ගේ කාරුණික අවධානය පිණිස

මෙහි සඳහන් සියලු තොරතුරු සහ දත්ත අද්‍යාපනය සහ අවබෝදය සඳහා පමණි.  එම තොරතුරු රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා භාවිත නොකළ යුතුය. තොරතුරු වල නිරවද්‍ය තාවය එම තොරතුරු පලකරන අවස්ථාවේ නිවරැදී වන අතර යාවත්කාලීන වීමේදී දත්ත සහ තොරතුරු වෙනස් විය හැක. මෙහි පලවන මගේ අත්දැකීම් පිළිබඳව විවිධ  පුද්ගලයන් වෙනස් අදහස් සහ අත්දැකීම් ප්‍රකාශ කල හැකි බව සඳහන් කරමි.

ළමා රෝග සහ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය උපදෙස් සිංහලෙන්

මම ඕස්ට්‍රේලියාවේ ළමා රෝග වෛද්‍යවරයෙක් (සර්වාංග ළමා රෝග වෛද්‍යවරයෙක්) ලෙස සේවය කරමි. මම විශේෂයෙන් ඔටිසම් සහ හැසීරීමේ වෙනස්කම් සහිත දරුවන් (Autism, ADHD and Behavioural disorders) සායන පවත්වන අතර ලමා වයසේදී වැළඳෙන දියවැඩියාව සහ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත රෝග (Endocrinology) සඳහා විශේස සායන පවත්වමි.

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ප්‍රථම මම ශ්‍රී ලංකාවේ වසර 10 කට ආසන්න කාලයක් ළමා රෝග වෛද්‍යවරයෙක් ලෙස සේවය කොට ඇත. ඔස්ට්‍රේලියාවේදී ලබාගත් දැනීම සහ අත්දැකීම් ශ්‍රී ලාංකික දරුවන්, දෙමව්පියන් සහ දරුවන් වෙනුවෙන් කැපවී සිටින ගුරුවරුන් සහ අන් සියලු වෘතියවේදීන් අතර බෙදාගැනීම මගේ අරමුනයි.

තම දරුවන් රෝගී වූ සැනින් දෙමව්පියන් වෛද්‍යවරයා වෙත තම දරුවා රැගෙන යයි. මෙහිදී තම දරුවට හොඳම ප්‍රතිකාරය තම වෛද්‍යවරයාගෙන් බලාපොරොත්තු වනවා සේම තම දරුවාගේ රෝගී තත්වය ගැන යම් දැනීමක් ලබා ගැනීමට වෙහෙසෙයි. එනමුත් කාර්ය බහුල වෛද්‍යවරයා ඉතාමත් කෙටියෙන් රෝගය ගැන පහදා දුන්නද දෙමව්පියන්ගේ දහසක් ප්‍රශ්න වෛද්‍යවරයාගෙන් ඇසීමට මැලිවෙයි. ඉන්පසුව දෙමව්පියන් අන්අය සමග ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම හුවමරුකරගනී. මෙහිදී බොහෝවිට රෝග පිලිබඳ වැරදි අවබෝධ සමාජ ගතවීමට ඉඩ ඇත. මෙම අඩුව යම්තරමකින් හෝ පියවීම මෙම වෙබ් පිටුවෙන් සිදුවෙයයි මම සිතමි. අන්තර්ජාලයේ ඉංග්‍රීසි බසින් ලියවූ වෙබ්පිටු බොහෝ ඇතත් සිංහල උපදෙස් සහිත වෙබ් පිටු වල අඩුව යම්තරමකින් හෝ පියවනු ඇති බව මගේ හැගීමයි. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සංක්රමනික ශ්‍රී ලාංකික දෙමව්පියන්ටද මෙය ප්‍රයෝජනවත් වේ යයි මම සිතමි.

මම මෙහිදී ඕස්ට්‍රේලියාවේ භාවිත වන රෝග හඳුනා ගැනීමේ, නිශ්චය කිරීමේ ක්‍රම සහ ප්‍රතිකාර ක්‍රම සාකච්චා කරන අතර එමගින් ලංකාවේ ඇති පහසුකම් සහ සම්පත් දරුවන් වෙනුවෙන් වඩාත් පලදායි ලෙස යොදාගැනීමට පිටිවහලක් වේ යයි සිතමි. එමෙන්ම මා ලංකාවේදී ලබාගත් අත්දැකීම් පිළිබඳව ආපසු හැරී බැලීමකින් වඩාත් විවෘර්තව අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි. ඔබගේ අදහස් සහ ප්‍රශ්න ඉතා ගෞරවයෙන් පිළිගන්න අතර හැකි අයුරින් පිළිතුරු දීමට උත්සාහ කරමි.

ළමා සෞඛ්‍ය සිංහළෙන්

Leave a comment

search previous next tag category expand menu location phone mail time cart zoom edit close