පිළිකාව නිට්ටාවට සුවකරනවා …. වකුගඩු බද්ද නොකර නිට්ටාවට සුව කරනවා…අද්යාත්මික ශක්තියෙන් ලෙඩ සුව කරනවා…….

ඔබත් මුහුණු පොතේ පළවූ මෙවැනි පොස්ටුවක් කිසිම සොයා බැලීමකින් තොරව, ඔබේ පුවරුවේ මිතුරන්ට පෙනීමට බෙදා ගෙන තියනවාද? කරුණාකර දෙවරක් සිතන්න. මන්ද මෙයින් අහිංසක රෝගීන්ගේ මුදලුත් ජීවිතත් නැතිවීමට ඔබ නොදැනුවත්ව හෝ දායක විය හැකි බැවිනි.

70354912_10216951588555408_4203661741600538624_o

img1140408013_1_1

නිට්ටාවට සුව කිරීම

යම් රෝගයක් නිට්ටාවට සුව කිරීම යනුවෙන් අප අදහස් කරන්නේ එම රෝගය නැවත මතු නොවන ලෙස සුව වීමයි. යම් අවස්ථාවලදී රෝග ලක්ෂණ වල අඩුවීමක් පෙන්වුවත් රෝග නිධානය එලෙසම පැවතීම නිට්ටාවට සුව වීමක් නොවේ. පිළිකා ප්‍රතිකාර සහ නිට්ටාවට සුව කිරීම සාකච්චා කිරීම ඉතා සංකීර්ණ මාතෘකාවකි. වකුගඩු අක්‍රීය පුද්ගලයකුගේ වකුගඩු ප්‍රතිකාර මගින්, බද්ධ නොකර යතා තත්වයට පත්කිරීමද ඒ හා සංකීර්ණ මාතෘකාවකි. මෙම සිද්දීන් දෙකම අසරණ, අහිංසක රෝගීන් රවටා මුදල් ගැරීම අරභයා කරන පහත ක්‍රියාවක් විනා රෝගී සත්කාරයක් නොවේ. සමහර අවස්තාවන්වලදී ‘මුදල් නොගෙන’ සුව කිරීමද අසන්නට ලැබේ මෙය ඊටත් වඩා භයානක තත්වයකි. මෙමගින් සිදුවන්නේ අසරණ රෝගීන්ට සහ පවුලේ උදවියට ඉටුකළ නොහැකි බලාපොරොත්ටු ලබාදී රෝගය තව තවත් උත්සන්න කිරීමට ඉඩ දීම පමණකි.

මෙම ප්‍රෝඩා කරුවන්ගෙන් කරන එකම ඉල්ලීම සහ අභියෝගය, ඔබේ ප්‍රතිකාර ක්‍රමයෙන් පිළිකාවක් නිට්ටාවට සුව කිරීම හෝ අක්‍රීය වූ වකුගඩුවක් බද්ද කිරීමකින් තොරව යතා තත්වයට පත් කිරීම කල හැකිනම් ඔබට නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට මගපෙන්විය හැකි බවයි. එමෙන්ම ඔබේ ප්‍රතිකාර ක්‍රමය නිසා ඔබ ධනවතෙකු වනවා පමණක් නොව විදේශ රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් ලැබෙන විදේශ විනිමය ශ්‍රී ලංකාවම සංවර්ධිත රටක් බවට කෙටි කලකින් පත්කළ හැක.

පිළිකාව යනු ඉතා පුළුල් පරාසයක ඇති ඉන්ද්‍රීයන් සහ ශරීරයේ ඇති පටක වල හටගන්නා විවිධ රෝග ලක්ෂණ පෙන්විය හැකි රෝගයකි. ලේ පිළිකා හෙවත් leukaemia (විවධ වර්ග ඇත), lymphoma (වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා), පියයුරු පිලික, ගර්භාෂ ගෙල පිළිකා, පෙනහළු පිළිකා, අන්තරයේ පිළිකා, මින් ඉතා සුළු, සුලබව දක්නට ලැබෙනා පිළිකා තත්වයන්ය. මෙම එක අවයවයක (උදා: පියයුරු හෝ ගර්භාෂ) හෝ පටකයක (රුධිරය හෝ වසා ග්‍රන්ථි) ඇතිවන පිළිකා එකිනෙකට වෙනස් විවධ තත්වයන් පෙන්වන අතර ඒවායේ රෝග ලක්ෂණ සහ ව්‍යදිවෙදාත්මක ලක්ෂණ එකිනෙකට බොහෝ වෙනස් වෙයි. එමෙන්ම නුතන වෛද්‍ය විද්‍යාවේ ඇති ප්‍රතිකාර ක්‍රම ලබා දීමද එකම අවයවයක හෝ පටකයක ඇති විවධ පිළිකා සඳහා එකිනෙකට වෙනස් ස්වරුපයක් ගනී.

පිළිකා හඳුනා ගැනීම ප්‍රතිකාර

පිළිකා යන වචනය ඉතා විශාල පරාසයක් තුල විවිධ අවයව, ඉන්ද්‍රීයයන් සහ පටක වල ඇතිවේ. එකම නමකින් හැඳින්වෙන පිලිකාවක වුවද විවධ ප්‍රබේද හඳුනාගෙන ඇති අතර ඒවායෙන් ඇතිවන රෝග ලක්ෂණ, සංකුලතා සහ යොදාගන්න ප්‍රතිකාර එකිනෙකට වෙනස් වේ. පිළිකා හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණ, biopsy පරීක්ෂණ, X කිරණ හෝ MRI පරීක්ෂණ හෝ වෙනත් නවීනතම පරීක්ෂණ යොදා ගනී. ඉන්පසු පිළිකා ස්වභාවය සහ වර්ගීකරණය අනුව එයට ඇති උචිතම ප්‍රතිකාරය ලබා දේ. මෙම ප්‍රතිකාර, ශල්‍යකර්ම, අව්ෂද සහ විකිරණ ලෙස ප්‍රදාන අංශ වලින් ලබාදෙයි. එමෙන්ම විද්‍යාත්මක ක්‍රමය අනුව මෙම ප්‍රතිකාර වල සාර්ථක බව නිරන්තරයෙන් පරීක්ෂණ මගින් සනාත කර ගැනෙනු ඇත. ප්‍රතිකාර සියල්ල අවසන් වූ විට නැවතත් දැඩි පරීක්ෂණ කිහිපයකින්ම් රෝගය මනාව පාලනය වී ඇති බව දන ගනී. මෙම පිළිකා අතර ලියුකේමියාව (සමහර ප්‍රබේද) ලිම්ෆොමාව (සමහර ප්‍රබේද) කලින් හඳුනාගත් පියයුරු පිලික සහ කලින් හඳුනාගත් බඩවැලේ පිළිකා ඉතා සාර්ථකව පාලනය හෝ සුව කල හැක. යතාර්ථය වන්නේ සමහර පිළිකා ඉතා සක්‍රීය ලෙස ප්‍රතිකාර කලත් පාලනය කල නොහැකි ලෙස පැතිරී රෝගියා මිය යාම වසර කිහිපයක් තුල සිදුවීමයි. මෙය වෛද්‍ය වරුන් විසින් රෝගියාට හෝ ඔවුන්ගේ ඥාතීන්ට පැවසුවත් ස්වාබාවයෙන්ම ඔවුන් මෙය පිළිගැනීමට අකමැත්තක් දක්වයි. මෙය හොර වෙදුන්ට අසරණ රෝගීන් රවටා ගැනීමට කදිම අවස්ථාවකි. සමහර විට වෛද්‍යවරුන්ගේ සහ රෝගීන් අතර මනා සංවාදයක් නොතිබීම නිසා රෝගීන් සහ පවුලේ උදවිය වැරදි නිගමන සහ තීරණ වලට එලම්බීමද විය හැක.

මෙම හොර වෙදුන් මුහුණු පොත සහ මාද්‍ය හරහා රෝග විනිශ්චය පතක් පෙන්වා රෝගියාට පිළිකාවක් සැදී අහි බවත් බෙහෙත් වෙල් කිහිපයකින් එය සනීප කල බවත් පවසයි. පිළිකා රෝගය සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ වල උස පහත වීම් සමග ගෙවී යයි. රෝගීන්ද මෙම හොර ප්‍රත්කාර වලින් යම් සහනයක් ලැබූ පමණින් ඔවුන් පිළිකාව හොඳ වී යයි මාද්‍යයට පවසයි. මෙන් සිදුවන්නේ ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව අන් අසරණ රෝගීන් මෙම හොරුන්ට පාවා දීමට සහය වීමකි. මා ඉහතින් සඳහන් කල පරිදි පිළිකා රෝග විනිශ්චයට යෝදා ගත් පරීක්ෂණ හෝ එහි තත්වය මැනීමට ගන්න පරීක්ෂණ හෝ කිසිවක් නොමැතිව මෙම ප්‍රකාශ සිදු කරයි. මෙය තනිකරම රැවටීමකි. එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර මගින් හොඳින් සනීප විය හැකි පිළිකා රෝගීන්ද මෙම උගුලට අසු කිරීම මහා පාපයකි. මුහුණු පොතින් මෙම පොස්ටු ශෙයා කිරීමෙන් ඔබද මෙම පාපකර්මයේ කොටස්කරුවකු විය හැක.

අක්‍රීය වූ වකුගඩු සුව කිරීම, පිළිකා සුව කිරීමට හාත්පස වෙනස් වුවත් ‘වකුගඩු බද්ද නොකර සුව කිරීම’ යන්නට දිය හැකි පිලිතුරද ඉහත විස්තර කිරීමට බොහෝ සමානය. මෙය මා එක උදාහරණයකින් පමණක් පවසා මෙම සාකච්චාව නතර කරමි. කුණු වූ අඹ ගෙඩියක් ගෙන එය පැසී ඉදුණු, කුණු නොවූ අඹ ගෙඩියක් කිරීමට මොන ජගතෙකුටවත් නොහැකිවා සේම අක්‍රීය වූ වකුගඩු ද නැවත යතා තත්වයට ගත නොහැක. පිළිගැනීමට අකමැති වුවත් සත්‍යය මෙයයි.

මෙම ලිපිය අසරණ ජනතාව මුලාවේ දැමීම වැලක්වීමට උදවුවක් වේ යයි ඉත සිතින් පතමි.

Letter head

%d bloggers like this:
search previous next tag category expand menu location phone mail time cart zoom edit close