ශින්ජුකු දුම්රිය පොළ, ජපනුන්ගේ විනය, සෞක්‍ය සහ දියුණුව
මා මෙම පින්තුරය ගත්තේ ශින්ජුකු (ජපානයේ ටෝකියෝ වල එක දිස්ත්‍රික්කයක්) උපනගරයේ දුම්රිය නැවතුම්පොලේදී. මේ නැවතුම මහා පුදුම තැනක්. මෙම දුම්රිය නැවතුමට පිටවීමේ දොරටු 200ක්! මම හැමදාමත් (හිටපු දින 3-4 දී) පිටවුනේ එදිනෙදා වෙනස් වුන වැරදි පිටවුමකින්. මම ලැගුම් ගත් හෝටලට යන නිවැරදි පිටවීමේ දොරටුව සොයාගන්න ගුගල් ටත්, එය පාවිච්චි කල මටත් අපහසු වුනා. පස්සේ තමයි දැනගත්තේ හැමදාම මෙහි යන එන එන අයත් මෙතෙනදී පාර වරද්ද ගන්න බව. මෙම දුම්රිය පොළ හරහා දිනකට මිලියන 4 කට ආසන්න පිරිසක් පිරිසක් ගමන්කරනවා. (නවසීලන්තයේ මුළු ජනගහනය මිලියන 4 කට ටිකක් වැඩියි) ඒ ශින්ජුකු ප්‍රදේශයේ පිහිටා ඇති කාර්යාල, සුපිරි වෙළඳ සල් සහ සංචාරකයන් නිසා. ඊටත් අමතරව එහි ඇති ‘රතු වීථිය’ හෝ ‘ප්‍රදේශය’ නිසා. මෙය වැඩිහියන්ට වෙන්වූ ප්‍රදේශයක්. ඒ ගැන එචරයි!
පළමු කතාව ජපනුන්ගේ විනය. මිලියන 4 ට ආසන්න මිනිසුන් පිරිසක් මේ දුම්රිය ස්ථානය හරහා ගමන් කලත්, කිසිම තදබදයක් හෝ අන් අයගේ ඇඟේ හැප්පීමක් හෝ ‘අන් අය නුරුස්සන’ හැසිරීමක් මෙහිදී කිසි කෙනෙක් පෙන්වන්නේ නැහැ. චායාරුපය මම ගත්තේ මගේ ඇස අදහා ගත නොහැකි තරමේ මිනිස් පෝලිමක් ඉතා යුහුසුළුව ‘පියගැට සෝපානය’ (වචනය හරිද මන්දා) හරහා වම් පසින් ගමන් ගන්නා අකාරය දුටු නිසයි. සෝපානයේ දකුණු පස, අවශ්‍ය අයෙකුට පෝලිමේ නොසිට වේගයෙන් ගමන් කිරීමට ඉඩ සලසා ඇත. මෙම තත්වය ඕස්ට්‍රේලියාවේවත් මෙතරම් පිළිවෙලට සිදු නොවන නිසා මට මෙය ඉතා සිත් ගත්තා.
දෙවන කතාව; පින්තුරය හොඳින් බැලීමේදී, එක්
පුද්ගලයෙක් පමණක් සාමාන්‍ය පියගැට පෙළ පාවිච්චි කරන අයුරු දැක ගන්න පුළුවන්. නමුත් ජපනුන් අතර ස්ථුලතාවය ඉතාඅඩු බව මට දැකගත හැකිවුනා. පසුවසොයා බැලීමේදී ජපානයේ ස්ථුලතාවය 3.6% ක අගයක් ගන්නා බව දැනගත්තා. මෙය ඕස්ට්‍රේලියාවේ 25% ත් වැඩියි! හිතා ගත්ත හැකිනේ ජපනුන්ගේ ආහාර රටාව සහ සෞක්‍යා සම්පන්න බව කෙතරම්ද කියා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘සෑම අංශයකින්ම සංවර්ධිත’ රටකි ජපානය