මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.
මෙම ලිපිය වයස අවුරුදු 1 ට වැඩි (පෙර පාසල් වියේ) “කෑම කැවීමේ” දුෂ්කරතා ඇති දරුවන්ගේ මව්වරුන් වෙතයි.
(චායරුප අන්තර්ජාලයෙනි)
කෑම ගැනීම සහ කැවීම
මුල් වසර පළමු භාගය තුල කුඩා දරුවන් තමන්ගේ ආහාර සහ පෝෂණය ලබා ගැනීමේදී සම්පුර්ණයෙන්ම මව (හෝ පිය) මත යැපෙයි. නමුත් ඝන ආහාර හඳුන්වා දීමත් සමගම දරුවා ආහාර ලබාගැනීමේදී, ආහාර තේරීම සහ ආහාර ගැනීමේ පිළිවෙල ගැන වැඩි නිදහසක් තමන් වෙත ගැනීමට උනන්දු වෙයි. මෙම කාලය තුලදී ආහාර ලබා දීම ඉතා සැලකිල්ලෙන් කල යුතු වෙයි. මෙහිදී බොහෝ විට දෙමව්පියන් “වැඩ වරදවා” ගනී. මෙයින් පසු කෑම “කැවීම” ඉතාමත් ගැටලුකාරී තත්වයක් බවට දරුවා සහ මව පත්වේ.
මෙලොව ඉපදෙන සෑම සත්වයෙක්ම තම දිවි පවත්වා ගැනීම සඳහා ආහාර ගැනීමේ උපන් හැකියාවකින් යුතුය. මෙය මිනිසාටද පොදු කාරනාවකි. නමුත් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් වෙත කෑම ගැනීමේ ප්‍රශ්න සහිත දරුවන් රැගෙන යාම ඉතා සුලබ දෙයකි.
ඔස්ට්‍ට්‍රේලියාවේ මවුවරුන්ගෙන් තුනෙන් එකක් තම දරුවන් අවශ්‍ය ප්‍රමාණයට ආහාර නොගැනෙයි යන මතයේ සිටියි.මෙය ලංකාවේ කොතරම් ප්‍රමානයක්දයි නොදන්නා නමුත් මාගේ අත්දැකීම් සහ විශ්වාසයේ හැටියට ඉතා ඉහල සංක්‍යාවක් තම දරුවන් හොඳින් ආහාර නොගන්න බව විශ්වාස කරයි.
-
ඝන ආහාර ලබාදීම ඉතා සැලකිල්ලෙන් කල යුතුය.
-
සැලකිය යුතු මවුවරුන් පිරිසක් තම දරුවන් අවශ්‍ය තරමට අහාර නොගන්න බව විශ්වාස කරයි.
දරුවන්ගේ අහාර ගැනීම පිලිබඳ දෙමව්පියන්ගේ ආකල්ප
මෙහිදී බොහෝ විට මව්වරුන් තම දරුවා ගත යුතු ආහාර ප්‍රමාණය සහ ආහාර වර්ග පිළිබඳව මවාගත් අරමුණක සිටී. එහිදී දරුවාට උසස්ම පෝෂණය ලබාදීමත් දරුවාගේ වර්දනය ඉතා ඉහලින් පවත්වා ගැනීමත් දෙමව්පියන්ගේ අරමුනයි. මෙහිදී වර්ධන ප්‍රස්තාර ගැන දෙමව්පියන්ගේ ඇති ආකල්පද මෙම කෑම කැවීමේ සංකීර්ණ බවට බලපාන බව මගේ විශ්වාසයයි.
දරුවකුට ආහාර අවශ්‍ය වන්නේ ඔහුගේ/අයගේ එදිනෙදා ක්‍රියා කාරකම් වලට ශක්තිය ලබාදීම සහ මෙම වයසේදී සිදුවන වර්ධනය ප්‍රශස්ත මට්ටමක පවත්වාගැනීමටයි. නමුත් මෙහිදී අප නොදකින සහ නොසිතන අංශයකින්ද දරුවා දැනුවත් වෙයි. එයනම් ආහාර ගැනීමේ ක්‍රියාවලිය තුල ඇති සමාජයීය සංකල්ප සහ ආහාර පිලිබඳ නව අත්දැකීම් ලබාගැනීමට දරුවා උනන්දු වීමයි.
දරුවාට එදිනෙදා ක්‍රියාකාරකම් වලට අවශ්‍ය ශක්තිය සහ නිසි වර්ධනයට සම්බල ආහාර වේලක් අවශ්‍යවේ. මෙම ආහාරා වේල ගුණාත්මක බැවින් සහ ප්‍රමාණාත්මක බැවින් යුතු විය යුතුය. මෙය ඉතා සරල ක්‍රියාවක් වුවත් දෙමව්පියන්ගේ කාර්ය බහුලත්වය, ළමා වර්ධනය, හැසිරීම සහ ආකල්ප පිලිබඳ අවබෝධය නොමැති වීම නිසා මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවක් බවට පත්කරගැනී.
-
දරුවාට අවශ්‍ය ආහාර ප්‍රමාණය තීරණය වන්නේ ඔහුගේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට සහ ඔහුගේ වර්ධනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමටය.
-
දරුවාට අවශ්‍ය ආහාර ප්‍රමාණය සහ ගුණාත්මක බව ගැන දෙමව්පියන් නිසි අවබෝධයක් නැති බව මගේ විශ්වාසයයි.
-
එමෙන්ම වර්ධන ප්‍රස්තාර පිලිබඳ වැරදි වැටහීම්ද අහාර ලබාදීමේදී ප්‍රශ්නකාරී තත්වයක් ඇතිකරයි.
කැබලි සහිත අර්ධ ඝන ආහාර ලබදීම ප්‍රමාද කිරීම.
මාස හයෙන් පසු ඝන ආහාර ලබාදීමේදී කැබලි සහිත අර්ධ ඝන ආහාර වලට ඉක්මනින් (මාස 9ට පෙර) පුරුදු කිරීම පසු කාලයේදී ඉතා ඝන ආහාර ලබා ගැනීමට වැඩි වශයෙන් පුරුදු වන බවත්, ආහාර ගැනීමේ අපහසුතා අඩුවන බවත් පර්යේෂණ මගින් තහවුරු කර ඇත.
-
කැබලි සහිත ඝන ආහාර මුල් අවදියේදී ලබාදීම පසුව ආහාර ගැනීමේ ගැටළු අවම කරයි.
නොකඩවා නොනවත්වා නව ආහාර දරුවන්ට හඳුන්වා දීම.
පළමුවෙන් නව ආහාරයක් හඳුන්වා දීමේදී අඩුම තරමින් 10 වතාවක්වත්, දරුවන්ට හුරුවීමට, මෙම නව ආහාරය ඔවුන් වෙත පිලිගන්විය යුතු බව සොයාගෙන ඇත. මෙහිදී දරුවන් පළමුව මෙම ආහාරය අතින් ඇල්ලීමවත් නොකර සිටිය හැක. නමුත් කිහිපවරක් මෙය පිළිගැන්වීමෙන් ඔහු පලමුඅව මෙය ස්පර්ශ කිරීමත්, මෙය අල්ලා ඉවත දැමීමක් හෝ සිදුකල හැක. නමුත් නැවත නැවතත් මෙම නව ආහාරය දීමේදී ඔහු ක්‍රමයෙන් මෙය කටට දැමීමත්, සපා ඉවත දැමීමත් අවසානයේ මෙය ආහාරයට ගැනීමත් සිදුවේ. මෙම ක්‍රියාවලියට දෙමව්පියන්ගේ ඉවසීම ඉතා ඉහලමට්ටමක තිබිය යුතුය. විශේෂයෙන් දරුවන් මුලදී මෙම නව ආහාරය සමග සෙල්ලම් කිරීම, මුහුණ පුරා තැවර ගැනීම, සැමතැනම විසි කිරීම වැනි ක්‍රියා සිදුකල හැක. මෙවිට සමහර මව්පියන් අකමැති නිසා බොහෝ විට දරුවාට කෑ ගැසීම හෝ මුහුණේ ගා ගත විටම මෙය ඉවත් කිරීම හෝ පිසදමීමෙන් දරුවා මෙම අහාරයට හුරුවීම සිදුනොවනු ඇත.
-
නව අහාර හඳුන්වා දීමේදී එය නොකඩවා නිරතුරුව දරුවාට ලබාදීම මගින් දරුවා එම ආහාරය පොළඹවා ගත හැක.
-
දරුවන් ආහාර ගැනීමේදී ඇග පුරා තවරා ගැනීම වැනි ක්‍රියා වලදී ඉතා ඉන්වසීමෙන් කටයුතු කල යුතුය.
අහර ගැනීමට දරුවන්ට නිදහස දීම.
මුල් වසර අවසන් වන විට දරුවාට ඉතා හොඳින් යම් ආහාරයක් (බිස්කට්, කැපූ කැරට් කැබැල්ලක් හෝ කැපු පලතුරු කැබැල්ලක්) අතට ගෙන් කටට දමා ගත හැකිය (මානසික වර්ධනය ප්‍රමාද දරුවන්ගේ මෙය සිදුවීමට වැඩිකලක් යනු ඇත). එමෙන්ම කුඩා බත් ඇට අහුලා ගැනීමට ඔහුගේ දබර ඇගිල්ල සහ මාපට ඇඟිල්ල භාවිතා කල හැක (මෙය Pincer Grasp යනුවෙන් හැඳින්වේ) එමෙන්ම පිගානේ ඇති අර්ධ ද්‍රව ආහාරයක් හැන්දකින් කටට ගැනීමට දෙවන වසරේ (12-16 මාස) මාස කීපය තුලදී හැකි ඇත. මා මෙයින් අදහස් කරන්නේ දරුවාට ආහාර ගැනීම ඔහුට අභිමත පරිදි සිදුකිරීමට දිය යුතුය. මෙය දරුවා පිරිසිදු මතුපිටක් සහිත “පැදුරක” හෝ නියමිත ආරක්ෂාකාරී කෑම මේස පුටුවක වාඩි කර සිදුකල හැක.
මේ සියල්ලටම වඩා දෙමව්පියන් මෙය අවබෝධ කරගෙන ඉවසීමෙන් කටයුතු කල යුතුය. විශේෂයෙන් දරුවා අහර සමග “සෙල්ලම් කිරීම” සහ අහර ගැනීම විනාඩි 20 කට සීමා කල යුතුය. ඉන්පසු අහර දරුවාගෙන් ඉවත් කර පිර්සිදු කල හැක. මෙයට පසු මීළඟ කෑම වේල තෙක් දරුවාට අහාර නොදිය යුතුය (අතර මැද ලබාදෙන සරල ආහාරයක් පලතුරකට හෝ yoghurt එකකට හෝ සීනි අඩු (ක්‍රීම් බිස්කට් නොවේ) ආහාරයක්/බිස්කට් එකක් ලබදිය හැක. මෙහිදී දරුවාට ඉතා සීනි අධික හෝ රසකාරක සහිත (tipi-tip හෝ chips හෝ chocolate වැනි) ආහාර දුනහොත් දරුවා ප්‍රධාන අහර වේල් වලටද එම රසය බලාපොරොත්තු වීමෙන් අහර ගැනීම අඩු වීමට හේතුවක් විය හැක.
දරුවාට තේරෙන අවදියේදී කෑම ගැනීමට උනන්දු කරවීම සඳහා කෑමෙන් පසු ලබාදෙන icecream වැනි අනෙකුත් අතුරුපස ගැන සඳහන් කිරීම සිදු නොකළ යුතුය. (මෙය දරුවන් යම් ක්‍රියාවකට පෙළඹවීම සදහා “පගාව දීමක්” (Bribing) වශයෙන් හඳුන්වනු ලැබේ).
-
හැකි සෑම විටම දරුවාට කෑම ගැනීමට (කැවීමට වඩා) ඉඩ දෙන්න
-
කෑම ගැනීම විනාඩි 20ට සීමා කරන්න
-
ප්‍රධාන කෑම වෙල් අතර සරල ආහාර දීමේදී සෞක්‍ය සම්පන්න සරල ආහාරයක් දෙන්න
හැන්දෙන් කැවීම සහ “හැන්දෙන් මුහුනේ කෑම ඉවත් කිරීම“
මවුවරුන් හැන්දෙන් කැවීමේ පුරුද්ද අනවශ්‍ය පරිදි දිගු කාලයක් කරගෙන යාම තවත් නොකල යුතු දෙයකි. එමෙන්ම බොහෝ මවුවරුන් හැන්දෙන් කෑම කවා එම හැන්දෙන්ම කට වටේ තැවරෙන අහාර ඉවත් කරයි. මෙය දරුවාට ඉතාමත් අප්‍රසන්න අත්දැකීමකි. (මෙය ඔබටම අත්හදා බැලිය හැක. මෙය ලෝහ හැන්දක් නම් ඉතා වේදනාකාරී ක්‍රියාවකි). මේ මගින් දරුවට කෑම ගැනීමේ ක්‍රියාවලිය ඉතා අප්‍රසන්න අත්දැකීමක් බවට පත්වෙයි.
වැඩිහිටි දරුවන් (13 ට වඩා වැඩි වයසේ දරුවන්) සමහර මානසික ආතති ඇති වූ විට ඔවුන් සිතාමතාම ආහාර වර්ජනය කරයි. මෙය ඔවුන්ගේ සෞක්‍ය තත්ත්වයටද බලපායි, නමුත් කුඩා දරුවන් කිසිම අවස්තාවක මෙලෙස ආහාර නොගෙන නොසිටී. එම නිසා දෙමවුපියන් ආහාර නොගැනීම ගැන සිත්තැවුලට පත්නොවිය යුතුය. කෑම කැවීම හෝ ගැනීම දෙමවුපියන් මානසික පීඩාවක් කරගතහොත්, එය දරුවන් ඉතා හොඳින් තේරුම් ගනී. මෙයින් මෙම ප්‍රශ්නය තවත් උග්‍ර වේ. කෑම ගැනීම හැකි පමණ සතුටුදායක අවස්තාවක් කරගැනීම එහි සාර්ථකත්වයට මහත් උදව්වක් වේ. දරුවන් කන ප්‍රමාණය ගැන පසුනොතවෙන්න.
දරුවා ඔහුට අවශ්‍ය ප්‍රමාණය ගැනීමෙන් පසු ඔහුට තවත් කෑම කැවීමට බල නොකරන්න. මෙය ඉදිරියේදී ස්ථුලතාවය සහ අනෙකුත් බෝනොවන රෝග වැලක්වීමට උපකාරී වෙයි.
-
දරුවා එක කෑම වේලකදී කන ප්‍රමාණය ගැන කලබල නොවන්න
-
හැන්දෙන් මුහුණේ කෑම ඉවත් නොකරන්න.
-
කෑම සැමතැනම තවරා ගැනීම ගැන කලබල නොවන්න
-
දරුවා කෑම ගැන සැහීමකට පත් වූ විට නැවත කෑම ගැනීමට බල නොකරන්න
දරුවන්ට කෑම දීමේදී දරුවා සමග එය සතුටින් සිදුකරන්න.
අපිලිවෙල සහ අහාර සැමතැනම තවරා ගැනීම ගැන කලබල නොවන්න.
දෙමව්පියන් මෙය දැකීමට අකමැති වුවත් මෙවන් ක්‍රියා වලින් දරුවා කෑම ගැනීම ගැන වඩාත් උනන්දු වෙයි. එමෙන්ම කෑම වල රස සහ එය ඇල්ලීමේදී දරුවට ලැබෙන සංවේදනය (sensitivity/texture) පිලිබඳ ඉගෙන ගනී.
නිතර වෙනස් වන දරුවන්ගේ අහර රුචිකත්වය සහ අහර රටා.
දරුවන්ගේ අහර රුචිකත්වය ඉතා ඉක්මනින් වෙනස් වන සුළුය. විශේෂයෙන් දරුවන් යම් ක්‍රීඩාවක හෝ ඔවුන් සතුටු වන ක්‍රියාවක යෙදෙන විට එයට භාදා කර අහර ගැනීමට පෙළඹවීම සිදු නොකළ යුතුය. මෙහිදී දෙමව්පියන් යහපත් අහර ගැනීමේ වටපිටාවක් සැකසිය යුතුය. දරුවා ආහාර ගැන උනදුවක් නොමැති විට අහර වෙලා ප්‍රමාද කිරීමෙන් දරුවට කිසි හානියක් නොවේ. අහාර ගැනීමට යොමු වීමක් ලෙස දරුවා සමග අත්සේදීම. මෙය සැමදා සිදුකරන විට දරුවා අත්සේදීම සමගම ඔහුගේ සිත අහර ගැනීමේ ක්‍රියාවට යොමුවේ. මෙය ඉතා හොද දෙයකි.
විශේෂයෙන් දරුවාගේ ආහාර වේල සිත්ගන්න සුළු ලෙස පිළියෙළ කිරීම. පවුලේ අනෙක් අය සමග වාඩිවී ආහාර ගැනීම (අවම වශයෙන් රාත්‍රී අහරවේලවත්) සැමගේ සියලු අවදානය කෑම සඳහා පමණක් යොමු කිරීම ඉතා වැදගත්ය. මෙහිදී රුපවාහිනිය වැසීම ඉතා වැදගත්ය. බොහෝ දෙමව්පියන් දරුවට ආහාර දීමේදී ගෙවත්ත පුර ඇවිදිමින් විවිධ රැවටිලි උපයෝගී කරමින් සිදුකරන කෑම දීමේ ක්‍රියාවලිය සිදු නොකර යුතුය. කෑම ගැනීමේදී සියලු දෙන කම මේසයට වාඩි වීමෙන් දරුවා කෑම ගැනීම පමණක් නොව සමාජීය වශයෙන්ද බොහෝ දේ ඉගෙන ගනී.
-
දිනෙන් දින දරුවාගේ ආහාර ගැනීමේ රුචිකත්වය සහ රටාවන් වෙනස් විය හැක
-
දරුවාගේ ක්‍රියාකාරකම් අනුව කෑම ගැනීමේ වෙලාව ගැන නම්‍යශීලී වන්න
-
කෑම ගැනීමට ප්‍රථම අත් සේදීම මගින් කෑම වෙලාව ගැන දරුවාගේ සිත ඒ වෙනුවෙන් යොමු කරගත හැක
-
දරුවාගේ ආහාර සිත්ගන්න සුළු ලෙස පිළියෙළ කරන්න
-
කෑම ගැනීම පවුලේ සැම එකට කිරීමට උත්සාහ ගන්න
දෙමව්පියන් ලෙස ඔබගේ ආහාරය සමබල ආහාර වේලක් බව දරුවාට පෙන්වන්න.
(සෞක්‍ය අමාත්‍යංශයේ Food Based Dietary Guidelines පොතෙන් උපුටා ගන්න ලදී)
ඔබ ගන්න අහාරයම දරුවාටත් දෙන්න. දරුවාට යමක් තේරෙන විට ඔහු හෝ ඇය කෑම පිසීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න. මෙය ඉතා සරල ලෙස පටන්ගත හැක. පිසීමට ගන්න දේ දරුවාත් සමග පිළියෙළ කිරීම පාන් පෙති වල butter තැවරීම වැනි ක්‍රියා වලදී දරුවා සහභාගී කරගත හැක. කෑම ගන්න අවස්තාව සැමදාම එකම පිළිවෙලට සිදුකිරීමට උනන්දු වන්න. දරුවාට ආහාර විවිධ ලෙස පිළිගන්වන්න. (එළවලු විවිධ හැඩයට කැපීම, බත් පිලිගන්වීමෙදී සිත්ගන්නා අයුරින් පිගානට බෙදීම)
ආහාර වේල් අතරතුරදී පැණිරස සකස්කරන ලද ආහාර වෙනුවට පලතුරු හෝ වෙනත් සරල කෑම (yoghurt) පුරුදු කරන්න. (yoghurt වලද රස කාරක සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය අන්තර්ගතය)මෙය උදාහරණයක් සඳහා පමණි.
මෙහි පලතුරු වෙනුවට තමන්ට පහසුවෙන් සොයාගත හැකි පලතුරු යොදාගන්න.
“ස්වභාවික රස” යනුවෙන් සඳහන් බොහෝ ආහාර වල ඇත්තේ කෘතීම රස කාරක මගින් ලබාගත් පලතුරු රසායනය. කල්තබාගනීමේ රසායනික ද්‍රව්‍යයි. සෑම විටම ලේබලය කියවා අන්තර්ගත දෙය ගැන දනුම්ක් ලබන්න. සරලම අවවාදය පැකට් කරන ලද හෝ ටින් කරනලද ආහාර හැකි සෑම විටම අඩුවෙන් භාවිත කරන්න. වෙළඳ දැන්වීම් වලින් ප්‍රවර්ධනය කරන ආහාර හැකි සම විටම මගහරින්න. මෙය ප්‍රායෝගිකව අපහසු නිසා මෙම ආහාර අවම කිරීම ගැන සැලකිලිමත්වන්න.
-
සෑම විටම පවුලේ සැවොම ගන්න ආහාරය සමබල ආහාරයක් බව පෙන්වන්න
-
ආහාර පිළියෙළ කිරීමේදී දරුවා හවුල් කරගන්න
-
හැකි සෑම විටම ස්වාභාවික අහාර රටාවකට හුරුවන්න.
-
අසුරන ලද ආහාර ගැනීමේදී එහි අඩංගු රසායනික ද්‍රව්‍ය රස කාරක සහ කල්ත්බාගනීමේ ද්‍රව්‍ය පිලිබඳ ලේබලය කියවා දැනුවත් වන්න.
අසුරන ලද ආහාර ගැනීමේදී සැමවිටම ලේබලය කියවා එහි ඇති රසායනික ද්‍රව්‍ය ගැන දැනුවත් වන්න. පහත සඳහන් දිගුවෙන් එම රසායනික ද්‍රව්‍ය වලින් වන සිදුවන හානිය ගැන සත්‍ය තොරතුරු දැනගත හැක.
(මෙයින් මා පවසන්නේ මෙම ආහාර වස විස ලෙස කිසිදා ආහාරයට නොගෙන සිටිය යුතු බව නොවේ. අපට ආහාරයට ගැනීමට ඇති ද්‍රව්‍ය බොහෝ ආහාර වල අඩු වැඩි වශයෙන් මෙම රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. එම නිසා ආහාර ගැනීමේදී මේ පිලිබඳ අවධානයෙන් සිටීමත් හැකි සෑම විටම ස්වභාවික ආහාර වෙත යොමුවීමේ වැදගත් කමත් අවබෝධ කර ගන්න.)
http://www.foodstandards.gov.au/consumer/Pages/default.aspx
තවමත් ඔබ දරුවා ආහාර ගැනීම ගැන ලත වෙයි නම්
දරුවා ලබාගන්න අහාර ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ යයි සිතනවානම්, සතියක් ඇතුලත ඔහු ගන්න සියලුම ආහාර ඇතුලත් ලැයිස්තුවක්/දිනපොතක් පිළියෙළ කරන්න. මෙයින් ඔබට දරුවා කෙතරම් ආහාර ප්‍රමාණයක් ගන්නවාදැයි දැනගත හැක. ඔබට පෝෂනවෙදියෙකුගේ සේවය ලබාගත හැකිනම්, දරුවාගේ වර්ධනය මදි යයි සිතනවානම් මෙම ලැයිස්තුව සමග ඔහු හෝ ඇය හමුවන්න.
අවසාන වශයෙන් දරුවා සෞක්‍ය සම්පන්නව සහ ක්‍රියාශීලීව සිටීනම් ඔහු කෑම කන ප්‍රමාණය වැඩි කරගැනීමට වෙහෙස නොවන්න. විශේෂයෙන් දරුවන්ට විටමින් වර්ග හෝ බඩගිනි ඇතිවන බෙහෙත් හෝ විශේෂ කිරිවර්ග (Pediasure) නොදෙන්න. මෙය දීර්ඝ කාලීන බෝ නොවන රෝග ඇතිවීමට හේතු වනු ඇත.
පහත දැක්වෙන්නේ Pediasure සහ Pringles වල අඩංගු පෝෂණ තොරතුරුයි. එහි අංක 6 න් දැක්වෙන රසායන ද්‍රව්‍ය වලින් ඇතිවන අහිතකර තත්වයන් ඉහත ඇති වෙබ් දිගුවෙන් ඔබටම් දැනගත හැක.
Pringles වල ඇති රසායනික ද්‍රව්‍ය
මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.