මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.
3.1 සමාජීය සම්බන්ධතා ඇතිකරගනීමෙදී සහ පවත්වගැනීමෙදී ඇතිවන දුෂ්කරතා
3.1.1 ඇස් දෙස නොබැලීම සහ අදහස් හුවමාරුකරගනීමේ දුර්වලතා
සමාජයීය සම්බන්ධතා ඇතිකරගැනීම දරුවන්ගේ මානසික වර්ධනයේ වැදගත් අංශයකි. කුඩා දරුවන් පළමු සමාජයීය සම්බන්ධතා තම දෙමව්පියන් සමග ඇතිකරගනී. මුල් මාස 2-3 අතර දරුවා මවගේ/පියාගේ මුහුණ බලා ප්‍රතිචරාත්මකව සිනාසෙයි. මෙහිදී දෙමව්පියන් සමග ඉතා හොඳින් ඇස දෙස බලා සිනාසෙයි.
දෙමව්පියන් දෙස බලා ප්‍රතිචාරාත්මකව සිනාසීම නියමිත කාලයේදී සිදු නොවීම ඔටිසම් සහිත දරුවන්ගේ එක ලක්ෂණයකි.
ඡායා රුපය 1 (චායාරුප අන්තර් ජාලයෙන්) ඉතාමත් ලාබාල අවදියේ සිටම ඇතිවන මුහුණ සහ ඇස දෙස බලා ප්‍රතිචාර දැක්වීම: ඔටිසම් ඇති දරුවකුගේ මෙය දැක ගත නොහැකිය.
ඡායා රුපය 2 (චායාරුප අන්තර් ජාලයෙන්) ළදරු අවදියේදී eye contact නොමැතිවීම. කතා කරන විට ඉවත බලා සිටීම
අන් අය සමග සංවාදයකදී හෝ ප්‍රශ්නයකට පිළිතුරක් දෙන විට ඇස දෙස නොබලා කතා කිරීම. (විශේෂයෙන් පාසල් දරුවන්ගෙන් ප්‍රශ්නයක් අසු විට ඔහු හෝ ඇය පිළිතුර නොදන්නේ නම් ඉවත බලා සිටීම සාමාන්‍ය ප්‍රතික්‍රියාවකි. එමෙන්ම යම් සංවාදයකදී කෙනෙක් ලැජ්ජාවට හෝ අපහසුතාවයකට පත්වුවහොත් ඉවත බලා සිටීම සාමාන්‍ය දෙයකි)
ඡායා රුපය 3 (චායාරුප අන්තර් ජාලයෙන්) සංවාදයකදී මුහුණ/දෙඇස් බලා කතා කිරීම. මෙය ඔටිසම් පුද්ගලයන්ගේ දැක ගැනීම අසීරුය.
ඡායා රුපය 4 (චායාරුප අන්තර් ජාලයෙන්:Rain Man සිනමා පටයේ ඔටිසම් රෝගී පුද්ගලයකුගේ චරිතය රඟපාන Dustin Hofman: සංවාදයකදී ඉවත බලාගෙන සිටීම, ඔටිසම් රෝග ලක්ෂණයකි)
සංවාදයකදී තමන්ගේ මතය හෝ මාතෘකාව මත පමණක් කතා කිරීම. තමන්ගේ මතය පමනක් නිවැරදිය යන මතයේ සිටීම.
සාමාන්‍යයෙන් දෙදෙනෙක් අතර ඇතිවන සංවාද වලදී අන් අය සමග ඔවුන්ගේ අදහස් වලට ඇහුම් කන් දී තම අදහස් ප්‍රකාශ කිරීම සාමාන්‍ය සිරිතයි. නමුත් ඔටිසම් සහිත පුද්ගලයෙක් තම මතය ගැන පමණක් කතා කරයි. දරුවන් තමන්ගේ අසීමිත කැමැත්තක් සහිත (obsessions) දේ ගැන පමණක් කතා කරයි. (Dinosaurs, දුම්රිය හෝ මොටෝර් රථ)
තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ ඔටිසම් සහිත පුද්ගලයන් චායාරුප වලට මුහුණ දීමේදී ඔවුන් බොහෝ විට ඉවත බලාගෙන සිටීමයි. (ඡායා රුපය 5)
ඡායා රුපය 5 (චායාරුප අන්තර් ජාලයෙන්)
3.1.2 “Joint Attention(නියමිත සිංහල වචනය සොයා ගැනීමට අපහසුය; අන් අය සමග එකතුව යම් දෙයක් ගැන කතා කිරීම හෝ පෙන්වා සතුටු වීම)
දරුවන් සෙල්ලම් බඩු හෝ අන් දෙයක් අතට ගෙන අන් අය දෙසට දිගුකරමින් යම් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙයි. එමෙන්ම දෙමව්පියන් දරුවකුට සුරතල් සතෙකු පෙන්වූ විට දරුවා එය දෙස බලා ප්‍රතිචාරාත්මක හැසිරීමක් පෙන්වයි. මෙය ඉංග්‍රීසියෙන් Joint Attention යනුවෙන් හඳුන්වයි. මෙම joint attention නොපෙන්වීම ඔටිසම් වල තවත් එක ලක්ෂණයකි.
ඡායා රුපය 6 (චායාරුප අන්තර් ජාලයෙන්) ඔහු/ඇය ගසක වසා ඇති කුරුල්ලෙක් හෝ යම් සතෙක් අන් යට පෙන්වා තෘප්තියක් ලබයි.
ඡායා රුපය 7 (චායාරුප අන්තර් ජාලයෙන්) ඔටිසම් රෝගී දරුවන් අන් දරුවන් කැමති සෙල්ලම් වලට යොමු කිරීම අපහසුය. ඔවුන් තමන්ගේ ක්‍රියාව නොනවත්වා කරගෙන යයි.
3.1.3 දරුවා නම කියා අමතන විට ප්‍රතික්‍රියාවක් නොදක්වයි
එමෙන්ම මුල් වසරේ දෙවන භාගයේදී දරුවන් ඔවුන්ගේ නමට ප්‍රතිචාර දක්වයි. ඔටිසම් රෝග ලක්ෂණ වල එක අංගයක් නම් ඔවුන්ගේ නමට හෝ අමතීම්වලට ප්‍රතිචාර නොදැක්වීමයි. සමහර අවස්ථා වලදී දරුවන් අවට සිදුවන ක්‍රියා පිලිබඳ කිසිම අවධානයක් හෝ ප්‍රතික්‍රියාවක් නොදක්වයි. මෙය තමන්ගේ ‘සිහින ලෝකයක’ සිටීමක් ලෙස විස්තර කරයි. මෙයත් ඔටිසම් වල ඇති සමාජසම්බන්ධතා දුර්වල වීමේ ලක්ෂණයකි. විශේෂයෙන් දරුවා වැඩෙත්ම අන් අය ඔහුව ඇමතීමේදී නෑසුන අයුරින් සිටීම සමාජ සම්බන්ධතා ඇතිකරගැනීම සහ පවත්වා ගැනීමට සැලකිය යුතු බාදකයක් වෙයි.
ඡායා රුපය 7 (චායාරුප අන්තර් ජාලයෙන්) දරුවා ඔහුගේ නමින් අමතන විට නොසලකා සිටී
3.1.4 කණ්ඩායම් ක්‍රීඩා හෝ කණ්ඩායම් ක්‍රියාවන්හිදී ඇතිවන දුෂ්කරතා
ළමා අවදියේදී කණ්ඩායමක් සමග එකතුවීමට වඩා තමන් තනිව ක්‍රියාකාරකම් වල යෙදීම ප්‍රිය කරයි. එමෙන්ම කණ්ඩායමකට එකතුවුවහොත් ඔවුන් සමග අසාමාන්‍ය හැසිරීම් පෙන්වන (තල්ලු කිරීම, සැපීම සහ පොරබැදීම) අතර කණ්ඩායම් ක්‍රියාව ඔහු හෝ ඇය සමග කරගෙන යාමට නොහැකි තත්වයකට පත්වේ. එමෙන්ම තරගයකට සහභාගී වුවහොත් සැමවිටම ප්‍රථමයා වීමට හෝ අනුන්ගේ තරග අවස්ථා ගැන සැලකිලිමත් නොවීම සිදුවිය හැක. එමෙන්ම පරාජය කිසිසේත් බර නොගැනීම. (අප සමාජයේ බොහෝ විට පෝලිමකින් ඉදිරියට ඒම, ඔටිසම් නිසා නොව ආත්මාර්ථකාමී බව මගේ විශ්වාසයයි!).
-
තරගයක පරාජය භාරගැනීමට අපහසු වෙයි
-
තමන්ගේ වාරය එනතුරු නොසිටී; සෑම විටම ප්‍රතමයා වීමට තැත් කරයි.
-
අන් දරුවන් සමග එකතු වීමේදී සපාකෑම, තල්ලු කිරීම වැනි නොගැලපෙන ක්‍රියා සිදුකරයි
-
(Respect others personal space)
එකත්පස්ව සිටීම
(චායාරුප අන්තර් ජාලයෙන්)
Not understanding personnel space අන් අය සමග කතාකිරීමේදී/වෙනත් සමාජයීය සම්බන්ධතා වලදී අන් අය අපහසුවට පත්වන පරිදි ලංවීම. දරුවෙක් නම් අන් පුද්ගලයාගේ ඇඟ මත නැගීම වැනි දේ සිදුකිරීම.
3.1.5 හමුවීම සහ වෙන්වීමේදී ආචාර කිරීම්
අපට තවත් පුද්ගලයකු හමු වූ අවස්තාවකදී (අපගේ සංග්ස්කෘතියට ගැලපෙන අයුරින්) පිළිගැනීමක් සිදුකරයි. මෙය අපගේ සහ අන් පුද්ගලයා අතර ඇති සම්බන්ධතාවය මතද තීරණය වේ. ඔටිසම් සහිත පුද්ගලයන්ට තවත් පුද්ගලයකු හමුවූ විට දක්වන පිළිගැනීම පිලිබඳ අවබෝධයක් නැත. විශේෂයෙන් කුඩා ළමුන් තම වයසේ දරුවන් සමග වඩා හොඳ සම්බන්ධතාවයක් පවත්වාගනී. වැඩිහිටියන් සහ නාදුනන පුද්ගලයන් සමග වඩාත් ලජ්ජා ශීලී පෙන්වයි. නමුත් ඔටිසම් ඇති දරුවන් තමන්ගේ වයසට අඩු හෝ වැඩිහිටියන් සමග වඩා හොද සම්බන්ධතාවයක් පවත්වයි. එමෙන්ම දරුවන් නාදුනන පුද්ගලයන් සිප ගැනීම හෝ බදා ගැනීමද සිදු කරයි.
-
හමුවීමේදී සහ වෙන්වීමේදී අවස්ථාවට ගැලපෙන පරිදි ආචාර කරයි
සාමාන්‍ය දරුවන් යමෙක් වෙන්ව යාමේදී “ටටා” කීම පුරුද්දක් වශයෙන් සිදුකරයි. මෙය බොහෝ විට ස්වේච්චාවෙන් සිදුවන දෙයකි. එසේ නොමැතිනම් වෙනත් කෙනෙක් “ටටා” කිවහොත් දරුවා නිරායාසයෙන්ම “ටටා” යනුවෙන් ප්‍රතිචාර දක්වයි. මෙවැනි අභිනයන්
(Gestures) නිරායාසයෙන් නොකිරීම ඔටිසම් දරුවන්ගේ තවත් ලක්ෂණයකි.
3.1.6 හැගීම් ප්‍රකාශ කිරීම හඳුනා ගැනීම (වාචික නොවන)
එමෙන්ම දරුවන්ට යම් දෙයක් අවශ්‍ය වූ විට, (කෑමක්, බීමක් හෝ සෙල්ලම් බඩුවක්) තම මව හෝ පියා දෙස බලා එයේ දෙසට අත දිගුකරයි. නමුත් ඔටිසම් සහිත දරුවන් මෙම සමාජයීය සංකල්ප නොපෙන්වයි. ඒ වෙනුවට ඔවුන් කෑගස හැඩීම හෝ වෙනත් හැසිරීම් පෙන්වයි. මෙය දෙමව්පියන් තේරුම් නොගතහොත් දරුවා එක දිගට හැඩීම, බිම පෙරලීම, හිස බිමගසා ගැනීම වැනි ක්‍රියා සිදුකරයි. මෙය අප temper tantrum වශයෙන් හඳුන්වන්යි. Temper tantrum අවුරුදු 2-3 වයසේදී සාමාන්‍ය හැසිරීම් රටාවක් වුවත් ඔටිසම් රෝග ලක්ෂණ ඇති දරුවන් temper tantrum වැනි හැසිරීම් රටා වැඩිපුර පෙන්වයි. මෙය දරුවාගේ සමාජ සම්බන්ධතා වර්ධනය වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති දුර්වලතාවය නිසා සිදුවන්නනකි.
-
ඇඟිල්ල දිගු කොට අවශ්‍ය දේ පැවසීම
-
මුහුණේ හැගීම් ප්‍රකාශ කිරීම සහ හඳුනාගැනීම
-
තමුන්ගේ හැගීම් අන් අයට තේරුම් ගැනීමට නොහැකි නිසා කෝප වීම සහ හැඩීම
3.1.7 භාෂාව සහ කථනයේ ඇති සමාජීය ලක්ෂණ තේරුම් නොගැනීම
භාෂාවේ ඇති සමාජයීය ලක්ෂණ අතර දරුවාගෙන් යම් ප්‍රශ්නයක් ඇසු විට උත්තර දීමට වඩා එම ප්‍රශ්නයම නැවත පැවසීම ඔටිසම් දරුවන්ගේ තවත් එක ලක්ෂණයකි. උදාහරණයක් ලෙස ගැනීමේදී “තව ඕනද” යනුවෙන් ඇසුවොත් දරුවාත් “තව ඕනද” යන්න ප්‍රතිඋච්චාරණය කිරීම විනා “ඔවු තව ඕන” යනුවෙන් පිළිතුරු නොදෙයි. (මෙම ලක්ෂණය යම් දෙයක් නැවත නැවත කිරීමේ ඔටිසම් ලක්ෂණයද පෙන්වයි.)
මෙය Echolalia යනුවෙන් හැඳින්වේ.
ඔටිසම් සහිත දරුවකු හට උපදෙස් වල ව්‍යංග අර්ථය තේරුම් ගත නොහැක.
උදා: “මම විනාඩියෙන් එන්නම්” යන්නෙන් අදහස් වන්නේ ඉක්මනින් එන බව පමණි. නමුත් ඔටිසම් රෝගය සහිත දරුවන් මෙය හරියටම විනාඩියකින් ආපසු ඒමක් ලෙස සලකයි.
“මගේ මැණික” යනුවෙන් ඇමතුවහොත් දරුවා “මම මැණිකක් නොවේ“,
ඇයි මට එහෙම කියන්නේ යනුවෙන් සිතයි
එමෙන්ම ඔටිසම් සහිත දරුවන් විහිලු තේරුම් ගැනීමේදී අපහසුතාවයට පත්වේ.
3.1.8 සෙල්ලම් කිරීමේ සමාජීය ලක්ෂණ
සිතින් මවාගත් ක්‍රියා නොකිරීම. බෝනික්කන ඇඳීම, කිරි පෙවීම,සෙල්ලම් ගෙවල් සැදීම සහ කෑම පිසීම වැනි මවාගත් ක්‍රියා සිදුනොකරයි.
-
සිතින් මවාගත් සෙල්ලම් කිරීම ඔටිසම් රෝගී දරුවන් සිදු නොකරයි
-
සිතින් මවාගත් සෙල්ලම් කිරීම
3.1.9 අන් අයගේ දුක, සතුට සහ වේදනාවන් වලට අනුවේදනය (Empathy) නොමැති වීම
සාමාන්‍යයෙන් දරුවෙක් හෝ වැඩිහිටියෙක් කෙනෙකුට කරදරයක්, වේදනාවක් හෝ දුකක් ඇති වූ විට එයට සහ එම අවස්ථාවට උචිත ලෙස ක්‍රියා කරයි. උදා: යම් අයෙක් වැටී වේදනාවෙන් සිටී නම් ඔහු හෝ ඇයට උදව් කිරීමට පෙළඹේ. එමෙන්ම එම අවස්ථාවේදී අපේ සිතෙහිද යම් දුකක් සහ අනුවෙදනයක් ඇතිවේ. මෙම අවස්ථාවලදී ඔටිසම් රෝගීන් එම අවස්ථාවට උචිත නොවන පරිදි හැසිරෙ. උදා; ඉහත අවස්ථාවේදී සිනාසී සමච්චල් කිරීම.
-
අන් අයගේ වේදනාවකදී උදව් කිරීම ඔටිසම් සහිත දරුවන් සිදු නොකරයි
මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.