පසුගිය දින කිහිපයකදී මගේ සායනයට පැමිණි රෝගීන් කිහිප දෙනෙක්ම මගෙන් ඔටිසම් රෝගයට ඇති stemcell ප්‍රතිකාර ක්‍රමය ගැන විමසා සිටියා. එම නිසා ඒ පිළිබඳව නිවැරදි උපදෙස් කිහිපයක් සිංහලෙන් බෙදා ගැනීම සුදුසු යයි සිතුවා.
ලංකාවේ ‘දියවැඩියාව, පිළිකා සහ අක්‍රීය වකුගඩු සුවකිරීම’ මෙන්ම බටහිරද නියමිත පර්යේෂණ සාක්ෂි නොමැතිව, මුදල් සහ ලාබ ලැබීමේ චේතනාවෙන් ‘ව්‍යාජ ප්‍රතිකාර ක්‍රම’ සිදුකරන අවස්ථා තියනවා. මෙම ඔටිසම් රෝගය සුව කිරීම සහ stemcell ප්‍රතිකාරයත් ඉතා විශාල මුදලක් අය කරමින් ජනතාව රවටන ව්‍යාජ ප්‍රතිකාර ක්‍රමයක්.
මොනවද මේ stemcells ?
Stemcells කියන්නේ මිනිසාගේ, විශේෂයෙන් කලලයේ නිපදවන ‘මුලික සෛල’ විශේෂයක්. මෙය ‘මුලික සෛල’ නිසා එයට, විශේෂිත වූ අනෙක් පටක සෛල දක්වා විකසනය විය හැකියි. මේ සෛල මිනිස් කලලයකින්, පෙකනි වැලකින් හෝ ඇටමිදුළු වලින් ලබාගත හැක. මෙම සෛල පිළිකා සහ යම් සීමිත රෝග කිහිපයක් සඳහා ලබාදීමෙන් එම රෝග සුවකිරීම හෝ එම හානි වූ පටක යතා තත්වයට පත් කිරීමකල හැකියි. මෙම සීමිත රෝග සඳහා stemcell ප්‍රතිකාරය සාර්ථක බව නිවැරදි පර්යේෂණ (විද්යානුකුල පර්යේෂණ පටිපාටිය අනුගමනය කරමින් සිදුකරන පර්යේෂණ රාශියක් මගින් සනාත කිරීම) මගින් කර තියනවා.
නමුත් ඔටිසම් රෝගීන්ට stemcell ලබාදීමෙන් ‘සුවවීම’ හුදෙක් මිත්‍යාවක් පමණයි.
මෙම ප්‍රතිකාර ක්‍රමයට ජනතාව යොමු කරගැනීම සඳහා මෙම කුට වෙළඳුන් යොදාගන්නේ සමාජ මාද්‍ය ජාලා. ඒවායේ පළකරන්නේ එක රෝගියෙක් පිලිබඳ “සුවවූ” කතා කිහිපයක්. මෙවා හුදෙක් ‘කතාන්තර’ පමණයි. මෙයට විද්‍යාවේදී anecdote යන වචනය පාවිච්චි කරනවා. මෙම කතාන්තර මගින් (anecdote) ‘සනාත වුවා’ යයි පැවසෙන කිසිම ප්‍රතිකාරයක් ලෝකයේ වෛද්‍යවරුන් විසින් භාවිතා නොකරන්නේ එය වෛද්‍ය ආචාර දර්ම මෙන්ම මානුශිකවද නුසුදුසු ක්‍රියාවක් නිසයි. (මීට පෙර ලිපි වලින් මා පෙන්වා දුන් වකුගඩු දියවඩියා සහ පිළිකා වෙදුන්ටද මෙම කතාව අදාලය)
මෙම ව්‍යාපාරික කණ්ඩායම විසින් ඉතා සුළු රෝගීන් සංක්‍යාවක් යොදාගෙන නියමිත පර්යේෂණ පටිපාටය අනුගමනය නොකළ ‘පර්යේෂණ පත්රිකාවක්ද’ උපුටා දක්වනවා. මෙයද ප්‍රෝඩාවකි.
තවත් කාරණයක් වන්නේ කතන අපහසුතා සහ ඒ හා සම්බන්ධ යම් ඔටිසම් රෝග ලක්ෂණ ඇති දරුවන් නිසි ඇගයීමකින් තොරව “ඔටිසම්” රෝග විනිශ්චයකට පැමිනීම සහ දරුවාගේ කථනය දියුණු වීමේදී නිසඟයෙන් නැතිවී යන කලින් තිබු ඔටිසම් රෝග ලක්ෂණ තම ප්‍රතිකාරය නිසා සිදුවුවා යයි ජනතාව රැවටීමය.
මෙම ඔටිසම් රෝගීන්ට stemcell ප්‍රතිකාර කිරීමේ ආයතන සියගණන් ඇමරිකාව පුරා පවතිනවා. මොවුන් stemcell ලබාගන්නේද ඇමෙරිකා නීතියට පටහැනිව බවයි වාර්තා වන්නේ. මෙයට වියදම් වන මුදලද සුළුපටු නොවේ. ඇමෙරිකන් ඩොලර් 30000-40000ක් පමණ ප්‍රතිකාරයටත්, ඉන්පසු ලබාදෙන සායන සඳහා දහස් ගණනුත් වැය වෙනවා.
අවාසනාවකට අපේ අසල්වැසි ඉන්දියාවේද මෙම ප්‍රතිකාර ක්‍රමය පිලිබඳ ප්‍රචාරයන් ගෙනයනවා.
සිතන්න ….ඔබේ දරුවා ඔටිසම් රෝග ලක්ෂණ ඇති නම් එය එලෙසින් බාරගන්න. නිසි වෛද්‍ය උපදෙස් අනුව දැනට සාර්ථක ප්‍රතිකාර ක්‍රම (සුව කිරීම නොව) වෙත පමණක් යොමුවන්න. නමුත් මෙවැනි ප්‍රෝඩා වන්ට හසුවීමෙන් මුදල් අහිමි වීම මෙන්ම stemcell නිසි පරීක්ෂාවක් හෝ ප්‍රමිතියකින් තොරව ලබාගැනීමෙන් ඔබේ දරුවා දරුණු රෝගවලටද ගොදුරු විය හැකි බව සිතන්න.