අසාත්මිකතා සහ දරුණු අසාත්මිකතා (Anaphylaxis) සාමාන්‍ය උපදෙස්

මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.

අසාත්මිකතාව හෝ allergy යන වචනය සැවොම දන්නා මුත්, Anaphylaxis යන වචනය බහුලව භාවිත නොවේ. මෙයට යෙදෙන සිංහල වචනය මම නොදනිමි. දරුණු අසාත්මිකතාව යනුවෙන් මම සඳහන් කලේ එයයි.

මෙම මාතෘකාව ගැන යම් දැනුවත් වීමක් සිංහලෙන් කල යුතු යයි හැඟුනේ පසුගිය දිනක අප (85/86 වෛද්‍ය කණ්ඩායම) ලැබු දරුණු අත්දැකීමක් නිසාය.

මෙම විශේෂ අවස්තාවේදී මුහින දුන් ගැටළු සහ අත්දැකීම් වෙනත් ලිපියකින් සාකච්චා කරනු ඇත. එම දිගුව මෙතනින් ලබාගන්න 

මෙහිදී කලයුත්තේ කුමක්ද:

Anaphylaxis Action Plan:

මේ පිළිබඳව ඉංග්‍රීසි බසින් විස්තර මෙම දිගුවලින් ලබාගන්න

RCH Melbourne Patient Information

https://www.allergy.org.au/images/stories/pospapers/ASCIA_Guidelines_Acute_Management_Anaphylaxis_2017.pdf

මෙය දරුණු අසාත්මිකතවයකදී සිදුකල යුතු  ක්‍රියාදාමයයි. ඉහත දිගුවෙන් ඉංග්‍රීසි බසින් විස්තර ඇතුලත්ය. මෙය ඕස්ට්‍රේලියාවේ දැනට ක්‍රියාත්මක/නිවැරදි anaphylaxis ප්‍රතිකාර ක්‍රමයයි.

මෙය සරලව සිංහලෙන්:

Anaphylaxis:

ඉතා ඉක්මනින් ඇතිවන අසාත්මික ලක්ෂණ: (Anaphylaxis)

  • රතුපැහ ගැන්වීම හෝ පලු දැමීම හෝ බෙල්ල තොල් සහ මුහුණ  ඉදිමීම
  • හුස්ම ගැනීමේ අපහසුතා හෝ කටහඬ වෙනස් වීම හෝ stridor (හුස්ම ගැනීමේදී ගෙරවීම වැනි ශබ්දය)
  • කැස්ස
  • වමනය බඩේ වේදනාව
  • කරකැවිල්ල හෝ සිහිනැති වීම
  • ඉහත ලක්ෂණ සියල්ලේ එකතුවක් හෝ එක ලක්ෂණයක් පමණක් පෙන්විය හැක.

මෙහිදී ක්ෂණිකව කල යුතු ප්‍රතිකාර:

  • අසාත්මිකතාව ඇතිකරන ද්‍රව්‍ය (අනුමාන වශයෙන් හෝ හඳුනාගතහකිනම්) ඉවත් කිරීම
  • අන් අයගේ උදව් ඉල්ලීම
  • රෝගියා තිරස් අතට තැබීම; රෝගියා නැගිටීම හෝ ඇවිදීමට තැත් කිරීම ඉතා අහිතකර (මරණය) ඇතිකිරීමට හැක.
  • Adrenaline ප්‍රතිකාරය ලබාදීම
  • රෝගියාගේ ස්වසනය සහ රුධිර සංසරණය (නාඩි (pulse) සහ හදවතේ ක්‍රියාකාරීත්වය) නිසි පරිදි සිදු නොවේනම් Basic Life Support/CPR ලබාදීම

Adrenaline ඉන්ජෙක්ෂන් ලබා දීම

  • සෑම anaphylaxis තත්වය ඇති රෝගියෙක්ම පහත සඳහන් EpiPEN Autoinjector (මෙය   වෙළඳ නාමයකි: මෙයින් මෙම වෙළඳ නාමය ප්‍රවර්ධනය කිරීමේ කිසිම අදහසක් මා තුල නැත. මා දන්නා තරමින් දැන් වෙළඳ පොලේ ඇත්තේ මෙම නාමය පමණි) ළඟ තබා ගත යුතුය.

how-to-use-epipen

  • අන් ප්‍රතිකාර ලංකාවේ රෝහලකදී පමණක් ලබාදෙන ප්‍රතිකාරයි. එනමුත් ගිලන් රථයක මෙම පහසුකම් ඇත්නම් ඒවා ලබාදිය හැක.
  • CPR කෘතීම ස්වසනය සහ cardiac compressions ලබාදීම; මෙම පුහුණුව ලබාගෙන සිටීම ඉතාමත් වටිනා දෙයකි. විශේෂයෙන් ලංකාවේ සිදුවන අනෙකුත් මරණීය අවස්තාවන්හිදී මෙය ඉතාමත් උපකාරී වේ. (මා දන්නා තරමින් St John of God මෙම පුහුණු කඳවුරු පවත්වයි)

රෝහලේදී ….

  • Oxygen ලබාදීම
  • IV Cannula  මගින් saline ලබාදීම (රුධිර පීඩනය පහත වැටීම ප්‍රතිකාර ලෙස)
  • CPR (Cardio Pulmonary Resuscitation)

තවත් වැදගත් කරුණු:

  • Antihistamine (Piriton වැනි) anaphylaxis අවස්ථාවේදී උපකාරී නොවේ.
  • නිදිමත ඇතිකරන ඔව්ෂධ නොදී සිටිය යුතුයි.
  • Corticosteroids (prednisolone වැනි) වල ක්‍රියාව anaphylaxis අවස්ථාවේදී උපකාරී වී දැයි පැහැදිලි නැත. නමුත් දින කිහිපයකට prednisolone ලබා දීම ඉදිරි දින කිහිපයේදී අසාත්මික රෝග ලක්ෂණ ඇතිවීම වැලක්වීමට උපකාරී වේ.
  • රෝහලෙන් ගෙදර යාමට ප්‍රථම රෝගියා සහ පවුලේ උදවිය මේ පිළිබඳව දැනුවත් කිරීම අත්‍යාවශ්‍යය.
  • එමෙන්ම රෝගියා නිසිපරිදි allergy පරීක්ෂණයකට යොමු කිරීම වැදගත් වේ. මන්ද යත් නිශ්චිතව අසාත්මිකතා ඇතිකරන තවත් ද්‍රව්‍ය තිබිය හැකි නිසා ඒවා හඳුනාගැනීම ඉතා වැදගත්ය. මෙය skin test පරීක්ෂාව වශයෙන් හැඳින්වේ. මෙය ලංකාවේ සිදුකරනවාදයි මම නොදනිමි.
  • එමෙන්ම තමාට anaphylaxis තත්වය ඇතිවන බව සඳහනක් ළඟ තබාගැනීම සුදුසුය. මෙය ලංකාවේ නුපුරුදු දෙයක් වුවද අන් රටවල තමන්ගේ රෝග තත්වය සඳහන් arm bands පැළඳ සිටීම මෙවන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මනා පිටුවහලක් වේ. (උදා: ලෙස පවුලේ කිසිවකු නොමැති අවස්තාවකදී රෝගියා anaphylaxis නිසා සිහි නොමැති තත්වයක සිටියොත් අන් අයට මෙය දැනගැනීමෙන් නිවැරදි ප්‍රතිකාරය ඉක්මනින් ලබාදීමට අවස්ථාව සැලසෙනු ඇත)

 

Analaphylaxis

  • විශේෂයෙන් පාසල් දරුවෙක් නම් පහත දැක්වෙන allergy action plan නම් උපදෙස් පත්‍රිකාව ලබාදී පාසල දැනුවත් කිරීම ඉතා වැදගත්ය

.anaph action plan

මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.

%d bloggers like this:
search previous next tag category expand menu location phone mail time cart zoom edit close