මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.
මෙම ලිපිය ත්‍රිත්ව විදුහලේ දරුවා වෙනුවෙන් පලකරන අතර මෙයින් ඉදිරියේදී මෙවන් අවාසනාවන්ත සිදුවීම් වැලක්වීමට පිටුවහලක් වේ යයි සිතමි.
අධික වෙහෙස නිසා මියයාම
පසුගිය දිනක දුටු ඉතාමත් කනගාටුදායක පුවතක් නිසා මෙය ලිවීමට සිත්වුනි. ත්‍රිත්ව විද්‍යාලයේ දරුවකු එම විද්‍යාලයේ සිට ක්‍රීඩා පුහුණුව සඳහා දිවීමෙදී මියයාම අතිශය අවාසනාවන්ත් සිදුවීමකි. මීට පෙරද මෙවන් වාර්තා පලවී තිබු බව මට මතකය. මෙම ලිපිය, අධික වෙහෙස නිසා සිදුවන මරණය සහ එය වලක්වාගැනීම පිළිබද සටහනකි.
හඳුනානොගත් හදවත් රෝග නිසා මියයාම.
පසුගිය වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ වලින් පෙන්වා දී ඇත්තේ, මරතොන් ධාවනය වැනි අතිශය වෙහෙසකාරී ක්‍රියාවකදී හදවත අක්‍රීය වීම කලින් සිට පැවතුනු හදවත් රෝගී තත්වයක් නිසා සිදුවන බවයි. බොහෝ විට වැඩිහිටියන්ගේ කිරීටක ධමනි වල ඇති වන අවහිරතා (coronary atherosclerosis/Myocardial infarction “Heart attack”) මෙයට හේතුවන බවයි. වැඩිහිටියන්ගේ මෙය සුලබ වුවත් ළමා සහ තරුණ අවදියේ මෙය එතරම් සුලබ නැත.
එමෙන්ම හදුනා නොගත් හදවතේ ඇතිවන cardiomyopathy නමැති තත්වයද බලපා හැකිය. විශේෂයෙන් තම පවුලේ හදිසි මරණ සිදුවී ඇත්නම් මෙම cardiomyopathy නම් හඳුනා නොගත් රෝගතත්වය තිබු බවට අනනුමාන කලහැක. මෙය ඔනෑම වයසකදී සිදුවිය හැකි අතර විශේෂයෙන් ළමා සහ තරුණ වයසේදී සිදුවන මරණ මේ නිසා සිදුවිය හැකි බවට අනුමාන කලහැක. මෙවන් තත්වයක් පවුලේ සාමාජිකයන් අතර තිබු හෝ පවුලේ සාමාජිකයන් පැහැදිලි හේතුවක් නොමැතිව හදිසි මරණයක් වී ඇත්නම් පවුලේ සමීප සාමාජිකයන් ගේ හදවත් රෝග ඇත්දැයි සොයාබැලීම අතිශයෙන් වැදගත්ය.
මෙම ධවනයන්හිදී ඉලක්කයට ආසන්න වීමත් සමග මියයාමේ වැඩි ප්‍රවනතාවයක් ඇති බව සොයාගෙන ඇත.
අධික උෂ්ණත්වය නිසා මිය යාම (Heatstroke)
ව්ශේෂ කරුණක් වන්නේ ප්‍රථම මරතොන් ධාවනය සිදුකල Pheidippides (490 BC) නම් පුද්ගලයාද සැතපුම් 26ක් ධාවනය කිරීමෙන් පසු ඔහුගේ “ජයග්‍රහණයේ පණිවිඩය” ලබාදීමත් සමගම මැරී වැටීමයි. මෙයට හේතුව නොදන්නා නමුත් අධික පාරිසරික උෂ්ණත්වය මේ සඳහා හේතුවක් වූ බව සැක කරේ.
Exercise-induced Anaphylaxis (EIAn) සහ Food-dependent exercise-induced anaphylaxis (FD EIAn):
(Reference: Up-To-Date website)
අධික වෙහෙසේදී anaphylaxis තත්වයක් ඇති වී මියයාම EIAn ලෙස අර්ථදක්වා ඇත. අහාර අසාත්මිකතාවක් ඇති පුද්ගලයෙක් එම අසාත්මිකතා සහිත ආහාර ගෙන පැය කිහිපයක් තුල අධික වෙහෙසට පත්වුවහොත් anaphylaxis තත්වය ඇතිවීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති බව පැවසේ.
මේ පිලිබඳ වෛද්‍ය පර්යේෂණ ඉතා සීමිත බැවින් පහත සඳහන් පිළිවෙත් අනුගමනය කිරීම මෙම අවාසනාවන්ත තත්වය මගහරවා ගැනීමට උපකාර වනු ඇත.
1. අහාර අසාත්මිකතා පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීම. එම අසාත්මිකතා ඇති ආහාර, වෙහෙසීමට පැය කිහිපයකට පෙර නොගැනීම. එම අහාර ලබාගෙන ඇත්නම් අධික වෙහෙස වන ක්‍රියා කල්දැමීම.
2. මෙම anaphylaxis තත්වය ඇතිවීමට බලපාන අනෙකුත් සාධක මගහැරීම. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නමුත් පහත සඳහන් දේ පිලිබඳ වැඩි අවදානයක් දීම. පහත සඳහන් දේ වලින් වැලකී වෙහෙස වන ක්‍රියා වල යෙදීම.
- වේදනා නාශක භාවිතය (NSAIDS, Ibuprofen වැනි)
- මත් පැන් භාවිතය
- අධික උෂ්ණත්වය හෝ අධික ශීතල
- අනෙකුත් අසාදන තත්වයන්
- Ovulatory phase of menstruation or pre-menstrual period
3. වඩාත් වැදගත් දෙය වන්නේ දිවීමෙදී හෝ වෙහෙසකර කටයුත්තකදී තමන්ට යම් අපහසුතාවයක් ඇත්නම් වහාම එම ක්‍රියාව නතර කිරීම සහ උපදෙස් ලබාගැනීමයි. පැහැදිලි කරුණක් වන්නේ තම ඉලක්කයට ලඟා වීමත් සමග කෙතරම් අපහසු වුවත් ඉලක්කය පසුකිරීමට ඇති දැඩි අධිශ්ටානය නිසා නොනවත්වා තරග කිරීම. (ඉලක්කය ආසන්නයේදී වැඩිපුර මියයාමට මෙය හේතු විය හැක)
අධික වෙහෙස නිසා සිදුවන මරණ පහත සඳහන් හේතු නිසාද සිදුවිය හැකි අතර එම හේතුන් වෙනත් කාරණා නිසා සිදුවන මරණයටද බලපෑම් ඇති කල හැක.
1. රුධිර සීනි මට්ටම පහත වැටීම (hypoglycemia)
2. විජලනය
3. වෙහෙස වීමේ තමාගේ සීමාව අබිබවා යාම (ඉහත සඳහන් පරිදි)
මාංශ පේශි සයිල බිඳවැටීම/ සයිල මියයාම නිසා ඇතිවන rhabdomyolysis යන තත්වය.
මෙම තත්වයද ඉහත විස්තර කල අධික වෙහෙස නිසා සිදුවිය හැක. මෙහිදී මාංශ පේශි සයිල බිදවටී එහි තුල ඇති enzyme රුදිරයට එකතුවී වකුගඩු අක්‍රීය වීමෙන්ද මරණයද සිදුවියහැක.
මෙම කාරණා වලක්වාගත හැකි ක්‍රම
1. වෙහෙසීමේදී නිසි පරිදි ආහාර ගැනීම (hypoglycemia වැලක්වීමට: පුහුණුකරුගේ උපදෙස් පිළිපැදීම)
2, විජලනය වැලක්වීමට නිසි පරිදි ද්‍රව වර්ග ලබාගැනීම
3. ක්‍රමානුකුලව ව්‍යායාම කිරීම මගින් තමන්ගේ වෙහෙස වීමේ සීමාව තීරණය කිරීම සහ තම සීමාව පැමිණි බව දැනුනු වහාම ව්‍යායාමය නැවත්වීම. (ජය කනුව පෙනී පෙනී වුවත්)
නැවතත් සැවොම BLS CPR පුහුණුව ලබාගැනීමේ වැදගත්කම පෙන්වා දෙමි.
ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය ප්‍රථමාධාර මෙන්ම CPR පුහුණුවීම්ද සිදුක්ලරන බව මෙම වෙබ් අඩවියෙහි දැක්වේ. එයට මෙම දිගුවෙන් පිවිසිය හැක.
(Reference: Up-To-Date website)
මෙම ලිපිය ත්‍රිත්ව විදුහලේ දරුවා වෙනුවෙන් පලකරන අතර මෙයින් ඉදිරියේදී මෙවන් අවාසනාවන්ත සිදුවීම් වැලක්වීමට පිටුවහලක් වේ යයි සිතමි.
CPR සහ BLS ගැන පහත දිගුවෙන් යම් අවබෝධයක් ලබාගත හැක
අසාත්මිකතා සහ anaphylaxis ගැන ලිපි මෙම දිගුවෙන් ලබාගන්න
මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.